Thursday, February 20, 2014

ගවයන් මිනිසුන් වී මිනිසුන් ගවයන් වීම.

අපේ හාමුදුරුවන්ට පිං සිද්ද වෙන්න ඔන්න අද වෙනකොට හරකුන්ටත් මිනිසුන්ටවත් නැති තැනක් ලැබීගෙන එන්නේය. අපේ හාමුදුරුවො පත්තරේකට කියල තිබුන හැටියට ලොක්කා හරක් මරණවාට විරුද්ධව මොනවද කරන්න කැමති උනාලු. ඒ නිසා අපේ හාමුදුරුවෝ උපවාසෙ අත් හිටෙව්වලු. අනේ සාදු.

දැන් හරක් මරණ එක තහනම් කලාට පස්සෙ කුකුල්ලු මරණ එක නතර කරන්නත් උන්නාන්සෙලාට ශක්තිය ධෛර්යය ලැබෙයි මගෙ හිතේ. ඊට පස්සෙ මාලු මරණ එකත් තහනම් කරල කලින් මූදු රස්සාව කරපු මිනිස්සුන්ට ගොවිතැන් කරන්න උගන්නන්න උන්නාන්සෙලාට දැනටම හිතිල ඇති. එහෙම කරලා තමිල්නාඩුවෙ ඉන්න මාලු අල්ලන ඈයො ටිකට අපේ මූදෙ ඉන්න මාලු ටික අල්ලගන්න දුන්නනම් ජයලලිතගෙ ඔය ලංකාවත් එක්ක තියෙන තරහ මරහත් ටිකක් අඩු කරගන්න තිබුන.

මට හිතෙන හැටියට උන්නාන්සෙල ලංකාවෙ සියලුම සත්තු ඝාතනයට වැට බැඳට පස්සෙ කරන්න හිතාගෙන ඉන්නෙ මිනිස්සු බොරු කියන එක වලක්වන එක. ඊට පස්සෙ බැරියැ හොරකම, කාමය, සුරාව වගේ දේවල් වලටත් ගේම දෙන්න. එතනින් නොනැවතී අට සීලෙම රකින්න කටයුතු කලා නම් තමයි වටින්නෙ. එතකොට ලිංගිකව හැසිරෙන එක, කුනුහරප කියන එක, සැප පු‍ටුවක වාඩිවෙන එක, සිංදු අහන එක, කොටින්ම විනෝදවෙන තහනම් කරල දානවනම් තමයි හාමුදුරුවනේ ඔබ වහන්සේලාට කෙටි පාරෙන් නිවන් යන්න පුලුවන් වෙන්නෙ. ඒත් එක්කම වරද කල ස්ත්‍රීන්ට ඔබ වහසේලාගෙ කුටියකට එන්න අනිවාර්ය කරල නීතියක් මහින්ද මහත්තයාට කියලා හදවා ගත්තනම් නිවන අත ලඟ.

අනේ සාදු.

5 comments:

  1. දිගටම ලියපන් වෙදෝ.. එකෙන් දෙකෙන් නවත්තන්නේ නැතිව.. මගේ බොග් පන්තියත් බලන්න.. ඒක ඔහේට උදව්වක් වෙයි.. මම සින්ඩියේ එල්ලන්නම්

    සුබ අනාගතයක්...!!!

    ReplyDelete
    Replies
    1. තැන්කිවු මාතලන්. අපිනම් ඉතින් මෙව්වට අලුත් ඈයො. අපිව ටිකක් බලාගන්නවෙයි උස් මහත් වෙනතුරු.

      Delete
  2. මං හිතන්නේ මං ඔයාව දන්නවා :D

    ReplyDelete
    Replies
    1. කුරුණෑගල කියන්නෙ අපේ ගම වගේ තමා බඩී. අපි නොදන්නවා වෙන්න බැහැ. :D

      Delete
  3. රටේ වෙදා නියමෙට හිතනව. හිතන එක නියමෙට ලියනව

    ReplyDelete