Saturday, February 22, 2014

අසහනකාර විදුහල්පතිලා.

මේ දවස් වල වියුණු සටහන් අවකාෂයේ සහ ජනමාධ්‍යවල අතොරක් නැතුව ලියවෙන්නේ කුරුණෑගල ප්‍රදේශයේ විදුහල්පති තුමෙක් නාගන්නා ආකාරයයි. නමුත් මෙම උද්දච්ච, අනම්‍යශීලී හා තමන් පමණක් හරි යැයි සිතන පාසල් ලොක්කෝ ඕනෑ තරම් රට වටේ සොයා ගත හැක.

කෑගල්ල නගරයේ එක්තරා ප්‍රසිද්ධ පිරිමි පාසලක විදුහල්පති තුමෙකුට ඇත්තේ ගැහැනුන්ගේ කකුල් දැකීමට ඇති බියකි. ඔහුගේ අන අනුව කිසිම හේතුවක් නිසා කිසිම මවකට සායක් හෝ ගවුමක් ඇඳ පාසල් ගේට්‍ටුවෙන් ඇතුල්වීමට අවසර නැත. ඒ තියා ඩෙනිමක් ටී ෂර්ට් එකක් ගසා පැමිණෙන තාත්තලාට අපූරුවට පාසල තුලට ගොස්  තමන් පැමිණි කාරනාව  ඉ‍ටු කරගෙන ආ හැක. නමුත් එම අඳුමම ඇඳගත්  මවකට පාසල තුලට යාම තහනම්ය.  මෙම පාසල පිරිමි පාසලක් නිසා අම්මලාගේ කකුල් දැකීම බෞද්ධ පිරිමි ළමයින්ට අකැපය. එයින් ඔවුන්ගේ මනස දුෂණය වී ඉගැනීමට නොහැකි වී, අම්මා සමග යහන් ගතවීමට පවා තල්ලු විය හැකි භයානක ක්‍රියාවකි. මෙම විදුහල්පති වරයා කියන පරිදි ගැහැනුන් පාසල තුලට එන විට අඳගෙන පැමිණිය යුත්තේ සාරියක් හෝ ඔසරියකි. ඒවා ඇඳීමෙන් නිරාවරණය වන විවිධ පාට වල බඩවල්, පිටවල්, ඉඟවල්, පපු ප්‍රදේශ මේ පිරිමි ළමයි දැක්කාට කමක් නැත.

ගවුමක් සායක් යනු ලංකාවේ සමාජ සම්මත අඳුම්ය. සාරිය අඳින්න යන වේලාවෙන් දහයෙන් පංගුවක් මිඩංගු කොට මේ ඇඳුම් ඇඟලාගත හැක. ඒවා අඳින්නේ පහසුවට මිස ආතල් ගන්න නොවන බව මේ මොට්ටයිට තේරෙන්නේ නැත. මෙවැනි ගමරාළලාගෙන ඉගෙන ගන්නා ළමයිටත් දෙවියන්ගේම පිහිටය.

6 comments:

  1. මාතලන්ගේ බොගේ දාපූ ලින්ක් කටුවෙන් (ඇඩ් එකෙන්) ආවේ. අළුත් වැඩක් වගේ.

    ReplyDelete
    Replies
    1. ඔව්, හීනියට අපිත් සෙට් වුනා අයිනකින්. තැන්කිවු කොමෙන්‍ටුවට

      Delete
  2. well said! keep it up. i think da same but glad u can write. not me LOL.

    ReplyDelete
  3. පිටයි, බඩයි, පපුවයි සේරම පේන සාරිය සංවර වෙලා, හැම කොනක්ම වැහිච්ච ඩෙනිම අසංවර උනේ ඉතිං අපේ සංස්කෘතිය නිසා නෙව. පුදුමයි එත් මේ මිනිස්සු බූර්කාවට බනින එක... :O

    ReplyDelete
    Replies
    1. විනීත කම, සංවර කම ගැන හැමෝගෙම හිත්වල සීමාවන් ඇති. ඒක යටි පතුලේ ඉඳලා කලවයේ උතුරු මායිම දක්වා විහිදෙන්න පුලුවන්. ඒත් තමුන්ගේ සීමාව අනුන්ගෙත් සීමාව විය යුතු නැහැ.

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete