හිතවත් ජයලලිතා අම්මේ,
ඉස්සෙල්ලාම මම ඔබ තුමියට "අම්මා" කියා ඇමතීම ඔලොක්කුවට ගන්න එපාය. අපේ රටේ සමහර අම්මලානම් කැමති අක්කා කියලා කියනවාටය. ඒත් ඔබ තුමියගෙ ප්‍රාන්තෙ ඉන්න ජනතාව ඔබ තුමිය අමතන්නේ අම්මා කියා කවුරු හෝ මගේ කනේ තිබ්බේය.
ඡන්ද වැඩ කටයුතු එහෙම සාර්ථකව කරගෙන යනවා ඇතැයි සිතමි. මම බැලුවෙ ඔබතුමිය මගේ ඤාතියෙක්වත් කියලාදය. මොකද ඔබ තුමිය රටේ වෙද හාමිනේ කෙනෙකි. එක අත්සනින් ඔබතුමිය ඡන්දය දැනටම දිනලාය. රජීව් අයියා මරාපු අහිංසකයො ටික නිදහස් කරපු එක පුදුම ගුන්ඩුවකි. ඔබ තුමීගෙ ප්‍රාන්තෙ බුද්ධිමත් ජනතාව මේ වෙනකොටත් ඔබ තුමීට ඡන්දය දී ඉවරය. දිල්ලියෙ උසාවිය ඔබතුමියගෙ තීරණයට ඉඩ නොදුන්නත් ඔබතුමී දිනුම්ය. මම කිව්වේ නැතත් දිල්ලියට විරුද්ධව ජාති වාදේ අවුස්සන හැටි ඔබ තුමිය දන්නවාය. කොහොම කලත් ඔබ තුමී දිනුම්ය.
මම මේ තකහනියක්ම ඔබතුමීට ලිව්වේ පොඩි ඉල්ලීමක් කරන්නය. අර අහිංසකයො ටික නිදහස් කලා වගේ ඔය පැත්තේ මුහුදට ඇවිත් අල්ල ගත්ත අපේ ධීවරයො ටික නිදහස් කරල දෙන්න පුලුවන්නම් හොඳය. තමුන්ගේ රටේ අගමැති මරපු එවුන් නිදහස් කරන්න පුලුවන්නම් තමුගේ මුහුදෙ මාලු මරපු එවුන් නිදහස් කරන එක ඔබතුමීට අමාරු දෙයක් වීමට බැරිය.
ජයවේවා!
මෙයට,
හිතවත්,
රටේ වෙදා
This comment has been removed by the author.
ReplyDeleteචන්ද වලදියි, තව ගොඩක් දේවල් වලටයි ඔය දේසෙ මිනිස්සුන්ගෙ වගේම මේ දේසෙ මිනිස්සුන්ගෙත් ලොකු වෙනසක් නෑනෙ... ලලිතා ඇන්ටිට අම්ම කියන බව දැනගත්තේ දැන්... අම්මප ඇඟේ මාළු නටන්න ගත්තා ඒ අම්ම'ගෙ කතාවට...
Delete>
ලලිත'ලා නං ඔහොම්මමයි බං , මේ මං දන්න ලලිතෙක් ගැන...
(කැමති කෙනෙක් කොටා බලත්වා...!)
සිංහබාහු නීච වූ පසු දික්තලා රජ'වීම
ලියුම තැපෑලට දැම්මද....එහෙනම් වැඩිය විස්සාසයක් තියාගන්න එපා යයි කියලා...ටික දවසකින් කැලේකින් මතුවෙන්න පුලුවන් ලියුම් මල්ල....
ReplyDeleteගොන් වෙදෝ... මාළු මරණ එක මිනී මරණවට වඩා පවක්.. හරක් මරණ ඒකා ඊටත් වඩා පව්..
ReplyDeleteඑහෙමයි මාතලන් තුමෝ!
Deleteඑතකොට කුනිස්සෝ?
Deleteඅම්මා අම්මා මේ මට කියන්න ලැජ්ජයි තාත්තට
ReplyDeleteඅගමැති වගේද හලේ මාළු? ඔයාත් මාර කතා නේ කියන්නේ?
ReplyDeleteඔවුන්ට වෙන වැඩ නැ බන්.
ReplyDeletehttp://kumageketikatha.blogspot.com/2014/02/blog-post.html
රජීව් ගාන්ධිට තුවක්කු බට ප්‍රහාරයක් - ඉන්දියන් හමුදාව හා පොල්තෙල්.