Saturday, February 22, 2014

ලංකාවෙ කෙල්ලන්ට පොඩි උපදෙස් ටිකක්.



මේ ටික කියන්නෙ මයෙ අම්මලාට බොහෝම කරුණාවෙන්. අපිත් පිරිමි තමයි. ඒත් රටේ වෙන දේවල් එක්ක අපිට උනත් උඹල ගැන පොඩි හරි කැකුමක් තියනව. ඒ නිසා මේ කියන ටික කියවල හොඳට තේරුම් අරගනිල්ල.

දැන් කාලෙට සමහරු කියන්නෙ අබුද්දස්ස කාලෙ කියලනෙ. ඒ නිසා උඹලට තියෙන නිදහස දැන් වැඩියි. රස්සාවක් කරන්න, පංතියකට යන්න සහ වෙන ඕනෙ මල ඉලව්වක් කරන්න දැන් ගෙවල් වලින් ලොකු කේස් එකක් නැහැ. හැබැයි කොල්ලෙක් එක්ක නිදියන්න නම් බඳිනකන්ම ඉන්න ඕනෙ. එහෙම නොකර කොල්ලෙක් එක්ක නිදියල අහු උනොත් ගෙදරිනුත් අවුල් එලියෙ එවුන්ගෙනුත් අවුල්. හැබැයි එහෙම වෙන්න අවශ්‍ය නෑ. මේ ටික පොඩ්ඩක් හිතේ තියා ගත්තනම් ඔය මනස්ගාත ගැන ඔය දැරිවියො කලබල වෙන්න ඕනෙ නැහැ.

1. කොල්ලා කොහෙ හරි යමු කියල කරදර කරනවද? "කොහෙ හරි" කිව්වොත් ඉතින් නිදියන්න තමයි කියලා මයෙ අම්මලා දැනගන්න ඕනෙ. ඒක ඉතින් තමන්ගෙ කැමැත්ත. යනවනම් යන්න. ඒත් "කොහෙ හරි" ගිහින් එහෙදි බැහැ කියනවට වඩා පහසුයි යන්න කලින්ම බැහැ කියන එක.
2. කොල්ලත් එක්ක නිදා ගන්න ගියේ නැත්නම් අතාරිනව කියනවද? ඉතින් අතාරින්න කියන්න. ගොනා හැරෙනකොට දැන ගන්න ඕනෙ ඌ එන්නෙ පොල් පැලේ කන්නද තැඹිලි පැලේ කන්නද කියල. තර්ජන වලට අහුවෙන්න එපා. දාලා යන එකා එක්ක නිදාගත්තත් යනවා නොනිදාගත්තත් යනවා.
3. ඔය දැරිවියො කැමැත්තෙන් නිදා ගත්තා කියමුකො. මොකද පිරිමින්ට විතරක්යැ ආතල් ගන්න හොඳ! යන්න කලින් කොන්ඩම් කීපයක් අරන් එන්න කොල්ලට මතක් කරන්න. එහෙම නැත්නම් බෑ කියල කියන්න. "කොහෙ හරි" ගියාම ඌ දන ගහල වැඳත් කොන්ඩම් නොදා ඕක කරන්න ඉඩ දෙන්නනම් එපා. ඕවයැ ප්‍රතිඵල අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ.
4. කොල්ලා ඇනලා පැන්නා කියමුකො. ගිය යකා ගියාවෙ. ආයෙ ඌ ගැන හිතලා, අඬලා දොඩලා, වෙන කොල්ලෙක් එක්ක යාලු නොවී ජීවිත කාලෙම තනිකඩව ඉන්නවා කියලා අමුතු ආතල් ගන්න ඕනෙ නෑ. එහෙම හිටියා කියලා කවුරුත් සම්මාන දෙන්නෙ නෑ. මේ උඩින් තියෙන කාරණා 3 හිතට අරන් පෙරලුන පිට හොඳයි කියලා වෙන එකක් හොයා ගනිවු.
5. රටේ ඉන්න එවුන්ට ඕනෙ විදිහට ජීවත් නොවී ඉන්න හොඳට හිතට ධහිරිය ගන්නවා හොඳයි. මොකද මේකෙ එකාලා එක එක කතා කිව්වට උඹලට කන්න බොන්න දෙන්නෙ නෑනෙ.

ඉන්න ටිකේ උඹලත් පිරිමි අපි වගේ ආතල් එකක් අරගෙන ඉන්නව බලන්න අපිත් කැමතියි. මගේ සුබ පැතුම්.

46 comments:

  1. බොහොම වටිනා කියන අවවාද. ලැජ්ජාව පැත්තකින් තියලා මේ තත්වයට ආවොත් දිවිනහගන්න වෙන එකක් නෑ.
    ඔබේ ලිවීමේ හැකියාව බොහොම ඉහලයි. මෙච්චරක් කල් බ්ලොග් එකක් නොලීවේ මොකෝ?
    මොඩරේශන් අයින් කරනවද?

    ReplyDelete
    Replies
    1. තැන්කිවු කොමෙන්‍ටුවට.
      මමත් කල්පනා කලේ ඇයි මෙච්චර කාලයක් මම නොලියා හිටියේ කියල. මම හිතන්නෙ කම්මැලි කම.
      ඔන්න මොඩරේෂන් අයින් කලා.

      Delete
    2. මේව ඇත්තෙන්ම හොඳ උපදෙස් නෙවෙයි. කෙල්ලන්ට උගන්වන්න ඕනේ පිරිමින්ගේ ආසාවල් තෘප්තිමත් කරන එක තමන්ගේ ජීවිතේට අදාල දෙයක් නෙවෙයි කියන එක.

      Delete
  2. කවදහරි ප්‍රයෝජනවත් උනොත් කියලා උපදෙස් ටික හිතේ කොනක තියාගත්තා ඕං..

    අපි අළුත්..පුළුවන්නම් අපේ පැත්තටත් ගොඩවෙලා යන්න

    http://achcharaukade.blogspot.com/

    ReplyDelete
    Replies
    1. තැන්කිවු මේ පැත්තෙ ආවට. ඔය පැත්තෙත් ඇවිත් යන්න අනිවා එනවා

      Delete
  3. මේන් ඔය විදියටම ආච්චි කෙනෙක් අවවාද දුන්න කතාවක්..

    http://maathalan.blogspot.com/2013/07/18-whos-on-top-18.html

    ReplyDelete
  4. Short & Sweet...
    වෙදා..වැඩේ නම් නියමයි...කියන්න ඕන දේ කෙලින්ම කියල තියෙනවා...ආපහු එන්නම්කෝ...

    ReplyDelete
    Replies
    1. තැන්කිවු මේ පැත්තෙ ආවට.

      Delete
  5. බ්ලොගර් ෆලෝවරයත් දාහං , අයියෝ මේ වර්ඩ් වෙරිපිකේෂන් අයින් කරහං

    ReplyDelete
    Replies
    1. ඔන්න ඒක අයින් කොලා.
      තැන්කිව් අවිත් ගියාට

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. මහාචාරියතුමා තමයි පාර කිව්වේ මේ පැත්තට...වෙඩි වගේ කියන්න ඕනෙ දේ කියලා තියෙනවා..

    ඇවිත් යන්න අපේ පැත්තෙත්..
    http://driverkolla78.blogspot.com/

    ReplyDelete
    Replies
    1. තැන්කිවු මේ පැත්තෙ ආවට. ඔය පැත්තෙත් ඇවිත් යන්න එන්නම්

      Delete
  8. වෙරිපිකේෂන් කේස් එක තාම තියෙනවා....මහාචාරියතුමාගේ මේ පාඩමේ තියෙනවා කොහොමද වෙරිපිකේසන් අයින් කරන්නේ කියලා...http://campussyndi.blogspot.com/2014/01/3.html

    ReplyDelete
  9. හොඳා හොඳා..
    සුභ පැතුම් අපෙනුත්..:)

    ReplyDelete
    Replies
    1. තැන්කිවු, අපි ගැන බලාගන්න ඕනෙ ඉස්සරහටත්!

      Delete
  10. ලංකාව වගේ රටවල තමා තාම මනස්ගාත.
    දියුණු රටවල කෙල්ලො කොහොමත් ඔබ කියල තියෙන විදියටම තමයි ජිවත් වෙන්නෙ.
    අපේ රටේ එකීලත් එකා මත්තෙම මැරෙන්න හදනවනෙ.
    ඔය බොගක් ලියන අපේ කැම්පස් ගිය කෙල්ලෙකුත් හොටු පෙරාගෙන දවස ගානේ පෝස්ට් දාන්නෙ.
    ඉගෙන ගත්ත එකීලා එහෙම නම් බාගෙට ඉගෙන ගමින් ඉන්න එකීලා ගැන මොන කතා ද වෙදෝ.

    ReplyDelete
    Replies
    1. තැන්කිව් අවිත් ගියාට.
      මට ආරංචියි kenji බොහොම ප්‍රසිද්ධයි කියලා.

      Delete
  11. hoda hoda onna api bookmark kara gatta

    ReplyDelete
  12. ඔය තියෙන්නේ කෙලින්ම කියලා.. ඕක තේරෙන්නේ නැති එවුවන්ව නම් මැරුවට කමක් නෑ ... මං මේ ආවේ මාතලන් කිව්වට අර වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරේ නැතුවට බැනල යන්න කෝ එක අයින් කරලනේ ..මේ ඒක ආපහු දාපං කියන්න හිතං ආපු ටික කියල යන්න

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔහේ කියලම පලයන් බන්. රෙද්ද. ඕවා හිතේ හිර කරන් ඉන්න හොද නෑ. :-D

      Delete
  13. එල එල .... දිගටම ලියන්න .අපි වෙදාගේ ශෛලියට කැමතියි.
    පුලුවන් වෙලාවක් ඇවිත් යන්න අමතක කරන්න එපා:- දුලාගේ අඩවිය | Dula's Place

    ReplyDelete
  14. අඩේ නියමයි වෙදෝ. කියන්න තියෙන දේ පොල්ලෙන් ගැහුවා වගේ කියලා.

    බොගියට සුභ පැතුම්.

    ReplyDelete
  15. ඇත්තටම හොඳ උපදෙස් ටිකක්... ;)

    ReplyDelete
  16. නියමනේ. එතකොට මෙතුමා කොයි පලාතෙද මන්ද බොහොම අපූරුවට ලියලා තියනවා. උපදෙස් මල් මසුරන්. තනිව හිටියේ දැන් දෙන්නෙක්ම ඉන්නවා වෙද්දුම දෙන්නෙක්. අපේ අප්පේ මරු ඈ.........

    ReplyDelete
    Replies
    1. අලුත් ප්‍රාණයක් බිහි කරන්න තියන තැනක් නිසා තමුන්ගේ ප්‍රාණය නැති කරගන්න එක ගැන හිතට දුකයි.

      වෙද මහත්තයා මහත්තයා එක්ක අපිව ගලපන එකත් සතුටක්. අපි තාම මෙව්වට කිරිකෝඩු.

      Delete
  17. මහාචාර්ය තුමාගේ පාරේ ආවේ. පට්ට කතාව. ඔන්න බුකියේ ෂෙයාර් පාරකුත් දැම්මා ;)

    ReplyDelete
  18. හප්පට සිරි යකෝ. වෙදා නිකං ඔලුවට පොල්ලෙන් ගැහුවා වගේ දීලා ඇදලා තියෙන්නේ. ජය වේවා වෙදෝ.

    ReplyDelete
  19. විකාර....

    අවුල තියෙන්නේ එහෙම කිව්වේ.. කෙල්ලෙක්ගෙන් ඇහුව නම් ඔය උපදෙස් ටික මීටත් හොදට කියාවි...උන් දැන දැනමයි ඕවා කරන්නේ....අපරාදේ ඕකුන්ට උපදෙස් ලියන්න ගත කරන කාලය...

    ReplyDelete
  20. අනේ වෙදා උඹ පලයන්කෝ වනිතා කටයුතු අමත්‍යන්ශයට උපදේසක පත් වීමක් අරගෙන.

    ReplyDelete
    Replies
    1. මනෝජ් මහත්තය කියන්නෙ මට ආන්ඩුවෙ උපදේශක තනතුරක් ගන්න දෙසපාලුවන්ගෙ ඇට මිරිකන්න කියලද? අනේ මට ඒ කෙරුවාව නෙවෙයි මේ කෙරුවාව හොඳයි. :)

      Delete
  21. සිරා තමයි වෙදෝ,නියමෙටම කියල ඇරල තියෙන්නෙ.මාතලන් ,මහාචාරියා ගෙන් පාර අහගෙන ආවෙ රෝලේ එල්ලගන්නන්.

    ReplyDelete
  22. කියන්න ඔන ටික කෙටියෙන්, තෙරෙන සින්හලෙන් ලියලා තියනවා. ජය වෙවා

    ReplyDelete
  23. වෙදා සිරාවට නියමෙටම ලියලා තියෙනවා හොද උපදේශ ටිකක් ඔන්න අපිත් මේ පැත්තෙ ආවා අපේ පැත්තටත් ගොඩවෙලා යන්න ඔන්න මටත් ආචාර්‍යතුමා තමා පාර කිව්වෙ ඕන්
    www.slstagedrama.blogspot.com

    ReplyDelete
    Replies
    1. අනිවා එනවා ඔය පැත්තෙ

      Delete
  24. මෙන්න මේ විදියට කෙලින් කතාකරන්න පුලුවන් එවුන් ඉන්නවා නම් අපේ රටට මේ වෙලා තියෙන නස්පැත්ති වෙන්නෙ නැහැ. එළකිරි වැඩක්. නිතර එන්නම්.

    ඔය අතරෙ මගෙ එකටත් ගොඩවෙලා බලන්නකෝ..

    http://masandumal.blogspot.com/

    ReplyDelete
    Replies
    1. තැන්කිවු මේ පැත්තෙ ආවට. ඔය පැත්තෙත් අනිවා එනවා

      Delete
  25. ලංකාවේ ඉන්න සම්ප්‍රදායික පිරිමි ටික හැඳිගෑවිලාම පල

    ReplyDelete
    Replies
    1. සාම්ප්‍රදායික පිරිමි විතතරක් නෙවෙයි සාම්ප්‍රදායික ගෑනු ටිකත් අඩු උනානම් තමයි හොඳ. අමතක කරන්න එපා සාම්ප්‍රදායික සිතුවිලි අපිට පොඩි කාලෙ ඉඳල පුරුදු කරන්නෙ ගොඩක් වෙලාවට අපේ අම්මලා කියලා. අම්මලා ටිකත් හැඳි ගෑවිලා යන්න කියන්න තරම් අපි ඉක්මන් වෙන්න හොඳ නැහැ. අපි ඉස්සෙල්ල හැදෙමු. එතකොට රටත් හැදෙයි.

      Delete
    2. සාම්ප්‍රදායික පිරිමි විතතරක් නෙවෙයි සාම්ප්‍රදායික ගෑනු ටිකත් අඩු උනානම් තමයි හොඳ. අමතක කරන්න එපා සාම්ප්‍රදායික සිතුවිලි අපිට පොඩි කාලෙ ඉඳල පුරුදු කරන්නෙ ගොඩක් වෙලාවට අපේ අම්මලා කියලා. අම්මලා ටිකත් හැඳි ගෑවිලා යන්න කියන්න තරම් අපි ඉක්මන් වෙන්න හොඳ නැහැ. අපි ඉස්සෙල්ල හැදෙමු. එතකොට රටත් හැදෙයි.

      Delete
  26. කෙල්ලන්ට ඔය ගෑනුකම තමයි හෙනේට හිටින්නේ. ඕක අත ඇරලා බටහිර වගේ පිරිමි එක්ක උරෙනුර ගැටෙමින් පිරිමි කරන දේම කරන්නත් අභියෝග ජයගන්නත් පුරුදු කරානම් මේ ප්‍රශ්න නෑ.

    ReplyDelete
  27. කෙලින්ම කියල තියෙනවා කන පැලෙන්න, දැන් සබ්ජෙක්ට් කාරයෝ බුකියේ පිරිලා.

    ReplyDelete