ඊයේ මම බැංකුවකට ගොඩ වැදුනේ ගිනුමක් වසා දමන්න කියලාය. බැංකුවල දැන් ඉස්සරහින්ම ඉන්නේ පැඟිරි කෙල්ලන්ය නැත්නම් පැඟිරි කොල්ලන්ය. මගේ වඩේ කරන්න පැවරුනේ මේ පැඟිරියක්ටය. මගේ අවශ්‍යතාවට ගිනුම වැසීමය, පැඟිරියගෙ අවශ්‍යතාවය ඒ වලක්වා ගැනීමය. දැන් මෙයා මට ගිනුමේ වාසි සහ බැංකුවෙන් දෙන සේවා ගැන දිගටම කියවයි. ටිකකින් මට මල පැන්නේය.
"මේ නංගි. දැන් මේ ගිනුමෙ පොලිය 5% යි. ලංකාවෙ පහුගිය අවුරුද්දෙ උද්ධමනයත් 5% විතර. ඒ කියන්නෙ අවුරුද්දකට කලින් දාපු සල්ලි අද වෙනකොට වැඩි වෙලා නැහැ. මම මේ බැංකුවෙන් පුද්ගලික ණය දෙකක් අරන් සම්පූර්ණයෙන් ගෙවලා තියනවා. ඒවට මම 16% - 18% අතර පොලියක් ගෙවලා තියනවා. ඒ කියන්නෙ බැංකුව මගෙන් හම්බ කරගෙන. මගේ ගිනුමෙ තියෙන සල්ලි ඔයාලා පුස්කන්න දි දී තියාගෙන හිටියද? එව්ව අනුන්ට නයට දීලා ඒවයිනුත් හම්බ කරගත්තා. මගෙ ක්‍රෙඩිට් කාඩ් එක (දැන් ඒක නැහැ. මම බංකොලොත්ය) ගත්තෙ මේ බැංකුවෙන්. වාරිකේ ගෙවාගන්න පොඩ්ඩ බැරිඋන ගමන් පොලියද අර දඩ ද මේ දඩ ද ගහලා ඒකෙනුත් හම්බ කරගත්තා. ඒ විතරද ATM එකෙන් රුපියල් 100ක් ගත්තත් රුපියල් 5ක් කපාගන්නවා. අනුන්ට මෙහෙම හම්බ කරගන්න සල්ලි බැංකුවෙ දානවට වඩා හොඳයි ගෙදර තියා ගන්න එක."
මටත් නොදැනිම ටිකක් හයියෙන් කතා කරපු නිසා ලඟ හිටපු තලතුනා මහත්තයෙක් අවිත් පැඟිරියව යවා, ගිනුම වසා තිබුන සොච්චම මගේ අතේ තිබ්බේය.
පවු අහිංසකී...
ReplyDeleteදෙන්න හිතුන මට......!
Deleteඅම්මට හුඩු... හෙන ගානක් තියෙන්න ඇති එකවුන්ට් එකේ..
ReplyDeleteඊයේ කොහුවල බැංකුවකින් නම්, එකවුන්ට් එකකුත් නැතුව සල්ලි විත්ඩ්‍රෝ කරලා තිබුනා ෆුල් ෆේස් හෙල්මට් දාගෙන ඇවිත්..
මේ දවස්වල ගිනුම් නැතුව විත්ඩ්‍රෝ කරනව වැඩියි වගේ. මීගමුවෙ නම් විත්ඩ්‍රෝ කරලා තියෙන්නෙ මහජන සේවයේ යොදවන්න කියලයි කියන්නෙ. මොඩර්න් රොබින් හුඩ් කෙනෙක්. අනේ වාසනාවන්!
Deleteෆුල් ෆේස් හෙල්මට් තහනම් කරමු. ;)
DeleteBtw, පව් එතන හිටිය කෙල්ලො තුන් දෙනා. :(
අනේ බං මම නම් ඔය කෙල්ලො එක්ක ඩීල් කරන්නේ මට හිතට වදින විදිහට.මට හිතට අල්ලනවා නම් මරාගන්න යන්නේ නෑ,පුළුවන් නම් ෆෝන් නම්බරෙත් ඉල්ලගන්නවා.
ReplyDeleteණය පොළී අනුපාතය ඉතිරිකිරීම් තැන්පතු අනුපාතයට වඩා වැඩියි මොකද බැංකුව ණය දෙන එකෙන් ලොකු අවදානමක් ගන්න හින්දා.මොකද ඔයාගේ සල්ලි වලින් ණය දීලා ඔයා ඉල්ලන ඕනම වෙලාවක සල්ලි දෙන්න ලෑස්ති වෙලා ඉන්න ඕන හින්දා.www.amuthusithuwili.wordpress.com
//වාරිකේ ගෙවාගන්න පොඩ්ඩ බැරිඋන ගමන් පොලියද අර දඩ ද මේ දඩ ද ගහලා ඒකෙනුත් හම්බ කරගත්තා. ඒ විතරද ATM එකෙන් රුපියල් 100ක් ගත්තත් රුපියල් 5ක් කපාගන්නවා.// නැතිව ඉතිං... ඔයා උන්නේ ඕක දන්සැලක් කියලද හැම එකක්ම නිකං දෙන්න? :p
ReplyDeleteමම නිතරම යන එන තැනක තියනවා ඉංගිරිසි බැංකුවක් , ඒකේ ඉන්න කට්ටියවත් හොදට දන්නවා , එතන වැඩ කරන නංගිලා පාවිච්චි කරන්න් ලස්සේ හමාරේ ෆෝන් ඒත් එව්වට දාන්නේ විසිපහේ එයාටෙල් කාඩ්
ReplyDeleteලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ. හිකිස්!
Deleteඋඹට කේන්ති ගිය එක සාධාරණයි. එකවුන්ට් එකක් වහන්න ගියාම උන් රටේ නැති ජාති කියවනවා.
ReplyDeletehttp://masandumal.blogspot.com/
ඔවු මචෝ. ඕනෙ නැති හින්දනෙ වහල දාන්නෙ. ආයෙ මොන උලව්වක්ද
Delete