Friday, May 9, 2014

සිදුහත් කුමාරයා සමරිසි ද?

මාතෘකාව කියවපු ගමන් බොබසේ හරි සිරා හරි රටේ වෙදාගේ අහවල් දේ ගලවන්න එයිද දන්නෙ නෑ. මේක රටේ වෙදාගෙ ඔරිජිනල් අයිඩියා එකක් නෙවෙයි. ඒත් සිදුහත් සමරිසි කියල හිතන්න බැරිකමක් නෑ මිනිහගෙ හැසිරීම දැක්කම.

පළවෙනි කාරණේ, මිනිහා කසාද බැන්දේ අවුරුදු 16 දි, ළමයෙක් හම්බ උනේ අවුරුදු 30 දි. අවුරුදු 14ක් යශෝදරත් එක්ක හිටිය කෙනා ඔච්චර කාලයක් ළමයෙක් හදන්නෙ නැතුව හිටියෙ ඇයි. අනික ඔය දවස් වල අද වගේ උපත් පාලන ක්‍රම තිබුනෙත් නැහැනොවැ. අද කාලෙ සමරිසි කොල්ලො, කෙල්ලො වගේම, එදා දෙමව් පියන්ගේ වචනෙට සිදුහත් නැවෙන්න ඇති. කසාද බැන්දට පස්සෙ යශෝදරා පැත්ත පලාතට නොගිහින් චන්න එක්ක රවුම් ගැහුවා වෙන්න බැරිද?

දෙවනි කාරණේ, ගිහිගෙයි අත් හරින දවස ගැන බොහොම වර්ණාවක් අපේ බණ පොත් වල තියෙනවනේ. බණ පොතේ තියෙන විදිහට සිදුහත් ගෑනු ගැන වැඩි ඇල්මක් දක්වලා නැති හැඩයි.  නාටිකාංගනාවො නටන සීන් එකෙන් ඒ ගැන ඉඟියක් ගන්න පුලුවන්.

රටේ වෙදා මේක පිලිගන්නවද නැද්ද යන්න වෙනම කතාවක්. නමුත් සිදුහත් රමසිදි ද නැද්ද කියන එක රටේ වෙදාට ප්‍රශ්නයක් නෙවෙයි.

6 comments:

  1. සිදුහත් සමරිසිද කියන්න හරිහැටි සාක්ෂි නැහැ.සිදුහත්ගේ වයස අවුරුදු 14 දී ඔහුගේ ලිංගික කටයුතු වෙනුවෙන් කෙල්ලෝ 4 දෙනෙකු සිටි බවත් ඔවුන් 16 හැවිරිදි වුවන් බවත් සිදුහත් කුමරු ඉන් එක කෙල්ලෙකු කෙරෙහි ඉතාමත් කැමැත්තක් දක්වා ඇති බවද පොතපතේ සඳහන් වේ.ඇගේ කතාවෙන් පවා තම සිත සැනසෙන බව සිදුහත් කුමරු පවසා ඇත.අනිත් අතට ගැහැනුන් කෙරෙහි ප්‍රිය නැති මිනිසෙකු සමරිසියෙකු වන්නෙම නැහැ නේද.අතීතයේ උපත් පාලන ක්‍රම නොතිබුනා යයි ඔබ කියන්නේ කෙසේද?.පුරාණ ඊජිත්තුවේ ගැහැනුන් කිඹුල් වසුරු උපත් පාලන කටයුතු වලට යොදාගෙන ඇති බව සොයාගෙන ඇත.එසේම අපේ රටේ ගැහැණුන් කොහොඹ තෙල් උපත් පාලන කටයුතු සඳහා මෑතක් වනතුරුම භාවිතා කර ඇත.සිදුහත් සහ යශෝදරාට දරුවෙකු උවමනා නැති වෙන්නට ඇත.සුද්දෝධන රජුගේ ඉල්ලීම මත අනාගත රජ කිරුල දැරීම වෙනුවෙන් දරුවෙකුට උපත දුන්නා විය හැකියි.

    ReplyDelete
  2. වෙන්න පුලුවන්.

    ReplyDelete
  3. ඔහේ සිදුහත්කුමාරයා සමරිසි කීවත්, ඒක ඔප්පු කරලා පෙන්නුවත් වරදක් නැ. හැබැයි තමන් කවුද කා ගැනද කතා කරන්නේ යන්න ගැන අවබෝදයෙන්. ලෝකයක්ම ගරු කරන කෙනෙක්ට "මිනිහා" වගේ වචනයක් පාවිච්චි කරන එක හරි මදි නේද?. ඔහේ සිදුහත් කුමාරයාටත් වඩා පොරක් නම් ප්‍රශ්නයක් නැ. නමුත් තවත් කෙනෙකුට ගරු කිරීමෙන් තමා තමන්ගේ ගරුත්වය පෙන්වන්නේත් උපයා ගන්නෙත්.

    ReplyDelete
    Replies
    1. මගේ නං අදහස සිදුහත් ශාඛ්‍ය ට නං මිනිහා කීවට වරදක් නෑ, ඒ මනුස්සයෙක් නේ, දෙයියෙක් හෝ යකෙක් නොවෙයි.

      සමහරු කියන්නේ බෝධි සත්වයා කියලා. ඒ කියන්නේ මිනිසා කියන්නේත් සත්වයෙක් කියන අදහසින් නේද?

      දැන් සිදුහත් නම් බෝධි මිනිසා කිව්වොත් ඒක බෝධි සත්වයාට වඩා හොඳ දෙයදුමක් ද?

      Delete
    2. මම "මිනිහා" කියන වචනෙ පාවිච්චි කලේ කකා ගෙ අදහස පිටම තමයි.

      Delete
  4. ඒ කාලේ ඔය අවුරුදු දාසයෙන් කසාද බැන්දුවා කීවාට කවුද දන්නේ ඊට පස්සේත් දෙන්නා දෙපොලේම තිබ්බාද කියලා?

    ReplyDelete